Student Area
How to Download Fastly
Item Information

මම අද කියන්න යන්නේ JDownloader එක ගැන. සමහර විට ඔබ JDownloader ගැන මිට කලින් දැනගෙන සිටියත් එහි ඇති විශේෂ ලක්ෂණ පිලිබදව නොදැනුවත්කම නිසා භාවිතා නොකර සිටින්න ඇති.
අන්තර්ජාලයෙන් ෆයිල්ස් බාගත කිරීම සඳහා ජාවා පරිඝණක භාෂාවෙන් ගොඩනගන ලද JDownloader නම් මෘදුකාංගය ටොරෙන්ට් ෆයිල්ස් හැර අනෙකකුත් ඕනෑම ෆයිල් එකක් බාගත කරගැනීම සඳහා භාවිතා කල හැක.
විශේෂයෙන්ම ඔබ අප හොන්දින දන්නා one-click hosting අඩවි වලින් (Rapidshare, Hotfile, Fileserve,Megaupload) ෆයිල්ස් බාගත කිරීම සඳහා යොදාගන්න මෘදුකාංගයක් ලෙස JDownloader ජනප්‍රිය වී ඇත.
එවැනි වෙනත් මෘදුකාංග හා සසදන කල මෙහි විශේෂ ලක්ෂණ බොහොමයක් දැකිය හැක. ≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂≂
♦ නොමිලේ ලබාගත හැකි අතර ඕනෑම මෙහෙයුම් පද්ධතියක් තුළ ක්‍රියාකරවීමට හැකිවීම
♦ එකවර ෆයිල්ස් කීපයක් බාගත කිරීම හැකියාව ( Premium Accounts නොමැතිව)
♦ අන්තර්ජාල සබඳතා කීපයක් භාවිතා කර ෆයිල්ස් බාගත කිරීම හැකියාව ♦ ඉතා පහසුවෙන් Links ඇතුළත් කරගැනීමට හැකිවීම හා එම අවස්ථාවේදීම Links සක්‍රීයව ඇතිදැයි පරීක්ෂා කරගැනීමට හැකිවීම
♦ ස්වයංව අක්ෂර කියවීමේ හැකියාව (JAntiCaptcha)
♦ ස්වයංව RAR ෆයිල්ස් හා අනෙකුත් සංයුක්ත ෆයිල්ස් දිගහැරීම
♦ මුරපද යොදනලද RAR ෆයිල්ස් හි Links ඇතුළත් කරන අවස්ථාවේදී මුරපදය ලබාදීමෙන් ස්වයංව ෆයිල්ස් දිගහැරීමට හැකිවීම හා එසේ ලබාදෙන මුරපද මතක තබාගැනීමෙන් එම මුරපදයම යෙදෙන RAR ෆයිල් එකක් දිග හැරීමේදී ස්වයංව අදාළ මුරපදය සොයාගැනීමට හැකිවීම.
♦ Premium Accounts නොමැතිව ෆයිල්ස් කඩින් කඩ (Resume) බාගත කිරීම හැකියාව (MedaUpload, Mediafire, DepositFiles, Letitbit, MegaShare, Uploading)
♦ Youtube මගින් Video හා MP3 ෆයිල්ස් බාගත කිරීම හැකියාව
♦ 110ක් පමණ one-click hosting අඩවි මගින් ෆයිල්ස් බාගත කිරීම හැකියාව
♦ ඉතා පහසුවෙන් Premium Accounts හැසිරවීමේ හැකියාව
♦ Premium Accounts නොමැතිව ෆයිල්ස් බාගත කිරීමීදී ෆයිල් එකක් බාගතකර අනෙක් ෆයිලය බාගත වීමට පෙර පොරොත්තු කාලයක් (waittime) ගත නොවීම. (Auto Reconnect) JDownloader භාවිතා කිරීම සඳහා අවශ්‍ය පරිසරය Java Run Rime Environment මගින් ලබා දෙයි.
&jsonp=vglnk_jsonp_13226723835291">
J.R. E. බාගත කිරීම සඳහා
&jsonp=vglnk_jsonp_13226724152352">
JDownloader බාගත කිරීම සඳහා
දැන් අප මෙය ක්‍රියා කරවන අන්දම සොයා බලමු

JDownloader ස්තාථාපිත කිරීමේදී සුපුරුදු ස්ථානය (C:\Program Files) යොදා නොගන්නා ලෙස ඔවුන් නිර්දේශ කරයි. මන්ද යත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කොටසෙන් (O/S Partition) බැහැරව JDownloader ස්තාථාපිත කළහොත් යළි මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කළද කිසිදු බාධාවකින් තොරව JDownloader ක්‍රියාකරවීමට හැකි වීමයි.

» Links ඇතුළත් කරන ආකාරය «
මේ සඳහා සරල ක්‍රම කිහිපයක් භාවිතා කල හැකි අතර 'Linkgrabber' ඊට උපකාරී වේ.
1 ක්‍රමය :
Links සියල්ලම තෝරා Linkgrabber මතට Drag කිරීම.
2 ක්‍රමය :
Links සියල්ලම තෝරා copy විධානය ලබාදීම. මේ සඳහා පහසුම ක්‍රමය වන්නේ Keyboard හි
+
යන යතුරු ක්‍රියා කරවීමයි.
මේ සදහා Clipboard Monitor සක්‍රීය කර තිබිය යුතුය.
3 ක්‍රමය :

මේ ආකාරයට Links ලබා දී ඇතිවිට ඇතිවිට අදාල Link එක copy කරගන්න. එවිට අදාල මුරපදය ඇතුල් කිරීමෙන් Links සියල්ලම Linkgrabber ලබාගත හැක.

Linkgrabber මගින් සක්‍රීය ෆයිල්ස් හා විසංධි වී ඇති ෆයිල්ස් හදුනා ගත හැක.
RAR ෆයිල්ස් නම් අදාල මුරපදය ඇතුළත් කර 'Extract'හි ✔ ලකුණ යොදන්න.
බාගත කිරීම් ලැයිස්තුවට තෝරාගත් Links එක් කිරීමට ENTER ක්‍රියා කරවන්න.
නැත්නම් 'Continue with all/selected packages' බොත්තම ක්‍රියා කරවන්න.
» බාගත කිරීම «
ඔබ ප්‍රථම වතාවට කිසියම් File Hosting අඩවියක් මගින් බාගත කිරීම පටන් ගැන්මේදී ඒ සදහා අවසර ලබාදීමට අවශ්‍ය වේ.

ඔබට අදාල File Hosting අඩවියේ Premium Accounts අතුල කර ඇත්නම් එකවර ෆයිල්ස් කීපයක් බාගත කල හැකි අතර
Premium Accounts නොමැතිව වෙනස් File Hosting Links කීපයක් එකවර බාගත කල හැක.
උදාහරණයක් ලෙස එකවර MedaUpload, Mediafire, Letitbit හා Hotfile Links 4 මෙසේ බාගත කල හැක.

බාගත වීම අවසානයේදී RAR ෆයිල්ස් ස්වයංව දිගහැරෙන අතර මුරපද යොදනලද RAR ෆයිල්ස් සදහා මුරපද ලබා දී ඇත්නම් ස්වයංව දිග හැරේ.

මුරපද යොදනලද RAR ෆයිල්ස් සඳහා මුරපදයක් ලබාදුන් විට JDownloader එම මුර පද මතක තබා ගන්නා අතර
එම මුරපදයම යෙදෙන RAR ෆයිල් එකක් දිග හැරීමේදී ස්වයංව අදාල මුරපදය සොයාගන්න බැවින් නැවත නැවත එකම මුරපදය ලබා දීමට අවශ්‍ය නොවේ.

» YouTube මගින් Video හා MP3 ෆයිල්ස් බාගත කිරීම «
JDownloader මගින් ඉතා පහසුවෙන් ෆයිල්ස් බාගත කල හැකි අතර මේ සදහා කල යුත්තේ අදාල YouTube ෆයිල් එකෙහි Link එක copy කිරීම පමණයි.

එවිට Linkgrabber මගින් අදාල YouTube Video වෙහි පවතින සිලයුම Links පෙන්නුම් කරන බැවින්
අදාල Video ව MP3 ෆයිල් එකක් ලෙසත්
වෙනත් Video Formats ලෙසත්(flv,mp4,webm)
වෙනත් Video Qualities ලෙසත් (240p,360p,480p,720p,1080p) බාගත කිරීමේ හැකියාව ලැබේ.

ඔබට අවශ්‍ය Link එක පමණක් තොරා ගෙන බාගත කිරීම අරඹන්න.
» Premium Accounts ඇතුල් කිරීම «
Settings Tab ➪ Plugins & Add-ons ➪ Host ➪ Premium පිටුවට පැමිණ 'Add Account' බොත්තම ක්‍රියා කරවන්න.
අදාල File Hosting අඩවිය තෝරා ගිණුමෙහි නම හා මුරපදය (Login Username & Password) ඇතුලත් කරන්න.
එය ඇතුළත් කල විගස අදාල ගිණුමෙහි විස්තර පෙන්නුම් කරන අතර එමගින් වලංගු කාලය හා බාගත කල හැකි ධාරිතාවය දැනගත හැක.

» Reconnection ක්‍රමය මගින් පොරොත්තු කාලය (waittime) මගහරවා ගැනීම «
Premium Accounts නොමැතිව ෆයිල්ස් බාගත කිරීමීදී සමහර File Hosting අඩවියන්හි ෆයිල්ස් බාගතකර අනෙක් ෆයිලය බාගත වීමට පෙර යම් කාලයක් ගතවේ.
ගතික අන්තර්ජාල සබඳතාවක් (dynamic internet connections / most DSL connections) මගින් බාගත කරන්නේ නම්
නැවත සම්බන්ධ වී (reconnect) අලුත් IP යොමුවක් ලබාගැනීමෙන් එම පොරොත්තු කාලය මග හරවා ගත හැක.
JDownloader ස්වයංව එම කාර්ය අපහට සිදු කර දෙයි. ඒ ඒ Routers හා Modems නැවත සම්බන්ධවන ආකාරය එකිනෙකට වෙනස් වන බැවින් ඒවා සමග ක්‍රියාත්මක වීමට පහත අයුරුන් JD සකසා ගත යුතුය.
Settings Tab ➪ Modules ➪ Reconnection ➪ LiveHeader පිටුවට පැමිණ 'Create Reconnection Script' බොත්තම ක්‍රියා කරවන්න.
මෙහිදී සිදු වන්නේ Routerහෝ Modem නැවත සම්බන්ධ වීම (reconnect) පටිගත කිරීමකි. ඒ සදහා 'RawMode' සක්‍රීය කර 'Start'බොත්තම ක්‍රියා කරවන්න.

එවිට ඔබගේ සුපුරුදු වෙබ් බ්‍රව්සරය මගින් Router වෙත ඇතුල් වීමට පටන් ගනී. අදාල මුරපද යොදා ඇතුල් වී නැවත සම්බන්ධ වූ සැනින් මෙම ක්‍රියාව සාර්ථකව නිම වේ.

මෙසේ ස්වයංව නැවත සම්බන්ධ වීමේ ක්‍රියාව (Auto Reconnect) සිදු කිරීමට
සක්‍රීය කර තබන්න.
Written By chathu_ac @ ElaKiri.com
Blogs
Item Information
This is my student area. Some of my students are creating Blogs for their ICT Lessons. These are some blogs created by my students. I try always to update this site. if you have new idea, suggestions contact me, all are welcome. Thank you...!

HTML
Blog Name: Hypertext Markup Language
Created by: Sample name1 & Sample name2
School: St' Joseph Balika - Nugegoda
Batch: 2012 A/L
Live site: Click Here

Memory Management
Blog Name: Memory Management
Created by: Shashini Malesha & Shayani Malisha
School: St' Joseph Balika - Nugegoda
Batch: 2012 A/L
Live site: Click Here

Python Programming
Blog Name: Python Programming
Created by: Dulmini Wijesingha & Sakura Perera
School: St' Joseph Balika - Nugegoda
Batch: 2012 A/L
Live site: Click Here

Gaming Movement
Blog Name: Gaming Movement
Created by: Ashen Deemanka
School: St' Joseph College - Nugegoda
Batch: 2011 O/L
Live site: Click Here
Systems
Blog Name: Systems
Created by: Ruwanthi & Pamitha Malindi
School: Viharamahadevi Balika - Kiribathgoda
Batch: 2012 A/L
Live site: Click Here

Operating Systems
Blog Name: Operating Systems
Created by: Shayani Malisha & Shashini Malesha
School: St' Joseph Balika - Nugegoda
Batch: 2012 A/L
Live site: Click Here

IGCSE A Level Computing
Blog Name: IGCSE A Level Computing
Created by: Januth
School: Lyceum International School - Wattala
Batch: 2012 A/L
Live site: Click Here

IGCSE A Level Computing
Blog Name: IGCSE A Level Computing
Created by: Praveen
School: Lyceum International School - Wattala
Batch: 2012 A/L
Live site: Click Here
Trick & Tips
Statics
Content : 26
Web Links : 6
Content View Hits : 4806




